අපිත් උපෝසථය සමාදන් වෙමු
මීළඟ උපෝසථ දිනය මාර්තු 17

කාල සටහන

කිරිපිඩු පුජාව   6.00 – 7.00 

උදෑසන දානය 7.00 – 8.00 

ධර්ම දේශණය  8.00 – 9.30 

බුද්ධානුස්සති භාවනාව 9.30 – 10.00 

ගිලන්පස     10.00 – 10.15 

මෛත්‍රී භාවනාව  10.15 -10.45 

බුද්ධ පුජාව 10.45 – 11.00 

දහවල දානය සහ විවේකය 11.00 – 12.30 

 සජ්ජායනය 12.30 – 1.00

ධර්ම දේශණය 1.00 – 2.30 

අනිත්‍ය භාවනාව 2.30 – 3.00 

ගිලන්පස විවේකය 3.00 – 3.15 

ධර්ම සාකච්ඡාව 3.15 – 4.00 

විමසීම්

බුදු සසුන තුළ සීලය පුරුදු කරමු

සීලය යනු කය වචනයේ සංවර භාවය යි. මේ උතුම් නිවන් මගේ මූලික අංගයක් වන සීලය පිළිබඳ ව සීලව මහරහතන් වහන්සේ මේ අයුරින් පෙන්වා දෙයි.

‘මේ බුදු සසුනේ පුරුදු කරන්න ඕනෑ සීලය ම යි. මේ ජීවිතයේ හොඳට සිල් රැකගත්තොත් සියලු සම්පත් ලැබෙනවා. මුලින් ම පිහිට වෙන්නේ සීලය යි. සීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්මා කෙනෙක් වගෙයි. සියලු ගුණධර්මවල ප්‍රමුඛයා සීලය යි. සීලය සෑම බුදුවරුන්ගේ ම පුණ්‍ය තීර්ථය යි. ඒ නිසා සීලය පිරිසිදුව තියෙන්ට ඕනෑ.’

සුරැකිය යුතු ආර්ය උපෝසථය

වරෙක අප භාග්‍යවතුන් වහන්සේ විශාඛාවට වදාළේ “පින්වත් විශාඛා, අංග අටකින් යුත් උපෝසථ සීලය මහත්ඵලයි, මහානිසංසයි, මහා බැබළීම් සහිත යි” බව ය. ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් විමසා උපෝසථය සමාදන් විය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. එනම්,

(අට්ඨංගුපෝසථ සූත්‍රය – අං. නි. 5)

මෙසේ සමාදන් වූ උපෝසථ සීලය කොපමණ මහත්ඵල මහානිශංස ද යත්, අංග, මගධ, කාසි, කෝසල ආදී දඹදිව සොළොස් මහා ජනපදවල බොහෝ මුතු මැණික්, රන් රිදී ආදියෙන් ආඪ්‍ය ව, අධිපති බව සහිත ව මුළු දඹදිවට ම අග්‍රව රජකම දරයි ද එම රජකම අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීමෙන් ලැබෙන විපාකයෙන් දහසයෙන් පංගුවක් තරම්වත් නොවටිනා බව අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. ඒ කුමක් නිසා ද යත්, මිනිස් ලොව රජ සැප දිව්‍ය සැපය සමඟ සසඳා බලද්දී එය ඉතා දිළිඳු සැපයකි. මේ උතුම් උපෝසථය ආරක්ෂා කළ ශ්‍රාවකයා සදෙව් ලොව උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

හිත සුව පිණිස පවතින උපෝසථය

අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ වරෙක වාසෙට්ඨ නම් තරුණයා හට උපෝසථයේ ඇති වටිනාකම පෙන්වා දී ඔහුට වදාළේ “පින්වත් වාසෙට්ඨ, සියලු ක්ෂත්‍රිය වංශිකයන්, සියලු බ්‍රාහ්මණයන්, සියලු වෛශ්‍යයෝ (වෙළඳ කුලේ මිනිසුන්) සියලු ශුද්‍රයෝ (මෙහෙකාර කුලේ මිනිසුන්) මේ අෂ්ටාංග උපෝසථ සීලය සුරකිත් නම් එය ඔවුන් සියලුදෙනා හට බොහෝ කලක් හිත සුව පිණිස පවතින්නේ ය. පින්වත් වාසෙට්ඨ, දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු සියලු ලෝකයා මේ අෂ්ටාංග උපෝසථ සීලය සුරකිත් නම් එය ඔවුන් හට බොහෝ කලක් හිත සුව පිණිස පවතින්නේ ය.” ඒ මොහොතේ අප භාග්‍යවතුන් වහන්සේ ඒ අසල තිබූ මහත් සාල වෘක්ෂ දෙක පෙන්වා “පින්වත් වාසෙට්ඨ, මේ මහා සාල වෘක්ෂයන්ට උපෝසථය සුරැකිය හැකි නම් මේ සාල වෘක්ෂයන්ට ද එය බොහෝ කල් හිත සුව පිණිස පවතින්නේ ය. මිනිසුන් උපෝසථය සුරැකීමෙන් සිදුවන යහපත ගැන කවර කතා ද?” කියා උපෝසථයේ ඇති වටිනාකම මැනවින් පෙන්වා වදාළ සේක.

එම නිසා දුර්ලභ මිනිසත් බව ලබා උතුම් ශාස්තෘවරයෙකුගේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණු මේ සුළු කාලය තුළ අප්‍රමාදීව අප ද උපෝසථ සීලය ආරක්ෂා කර ගත යුතු ම ය.

Scroll to Top